Baiscopes.lk

Baiscopes.lk » Sinhala Subtitles Movies » විදේශීය චිත්‍රපට සහ ටෙලි කතා මාලාවන් පහසුවෙන් උපසි‍රැසි සමග ඔන්ලයින් බලන්න , ඩවුන්ලෝඩ් කරගන්න පිවිසෙන්න

Essential Components for Creating a Successful Website 2 Dec 2023, 12:05 pm

ශ්‍රී ලංකා, ඉන්දියාව වැනි දකුණු ආසියාතික රටවල් ගොඩක් Web Designers / Web Developers ලා වෙබ් අඩවි නිර්මාණය කිරීමේදීද Web Standards Follow කරන්නේ නෑ. ඒකෙන් සිදුවන අයහපත් දේ තමයි Customer ට අවශ්‍ය ආකාරයට වෙබ් අඩවියක් නොලබී යාමයි.

ඔබ සමහර විට වෙබ් අඩවි නිර්මාණය කරන කෙනෙක් වෙන්න පුළුවන්. එසේත් නැතිනම් වෙබ් අඩවියක් අවශ්‍ය කෙනෙක් වෙන්න පුළුවන්. එම කොටස් දෙකටම මෙම ලිපිය වැදගත් වෙයි.

අපිට වෙබ් අඩවියක් නිර්මාණය කරලා දෙන්න කියල කිව්වම අපි අනිවාර්යෙන්ම කරන දේවල් ගැන තමයි මෙහිදී සදහන් කරන්නේ.

ඩිජිටල් ක්ෂේත්‍රය තුළ, වෙබ් අඩවියක් නිර්මාණය කිරීම වෙබ් පිටු කිහිපයක් එකට තැබීමට වඩා වැඩි යමක් ඇතුළත් වේ. සාර්ථක වෙබ් අඩවියක් සඳහා එහි ක්‍රියාකාරීත්වය, ආයාචනය සහ ඵලදායිතාවයට දායක වන අත්‍යවශ්‍ය අංගයන් හොඳින් සැලසුම් කිරීම සහ සලකා බැලීම අවශ්‍ය වේ. ඔබ අංකුර ව්‍යවසායකයෙක්, නිර්මාණශීලී පුද්ගලයෙක් හෝ අන්තර්ජාල පැවැත්මක් ස්ථාපිත කිරීමට ඉලක්ක කරන ව්‍යාපාරයක් වේවා, වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී ඔබට තිබිය යුතු මූලික අංග මෙන්න:

1. Clear Purpose and Goals (පැහැදිලි අරමුණ සහ ඉලක්ක)

තාක්ෂණික අංශ වෙත කිමිදීමට පෙර, ඔබේ වෙබ් අඩවියේ අරමුණ සහ ඉලක්ක නිර්වචනය කිරීම ඉතා වැදගත් වේ. ඔබේ ඉලක්කගත ප්‍රේක්ෂකයින් හඳුනා ගන්න, ඔබේ වෙබ් අඩවිය සමඟ ඔබ සාක්ෂාත් කර ගැනීමට ඉලක්ක කරන්නේ කුමක්ද යන්න තීරණය කරන්න—එය දැනුම් දීමට, නිෂ්පාදන විකිණීමට, සේවා ප්‍රදර්ශනය කිරීමට හෝ ප්‍රජාවක් ගොඩනැගීමට—සහ ඒ අනුව සෑම අංගයක්ම පෙළගස්වන්න.

2. Domain Name and Hosting (වසම් නාමය සහ සත්කාරකත්වය)

Domain Name (වසම් නාමයක්) යනු ඔබේ වෙබ් අඩවියේ ලිපිනය වන අතර, සත්කාරකත්වය මඟින් ඔබේ වෙබ් අඩවියේ ගොනු ගබඩා කිරීමට සේවාදායක ඉඩක් ලබා දේ. මතක තබා ගත හැකි, අදාළ ඩොමේන් නාමයක් සහ විශ්වාසදායක සත්කාරක සැපයුම්කරුවෙකු තෝරා ගැනීම සුමට සබැඳි පැවැත්මක් සඳහා අත්‍යවශ්‍ය වේ. ඔබේ වසම ඔබේ වෙළඳ නාමය පිළිබිඹු කරන අතර මතක තබා ගැනීමට පහසු බව සහතික කර ගන්න.

3. Responsive Design (නිර්මාණය)

විවිධ උපාංගවලින් ආධිපත්‍යය දරන යුගයක, ඩෙස්ක්ටොප්, ටැබ්ලට් සහ ජංගම දුරකථන හරහා ඔබේ වෙබ් අඩවියට ප්‍රවේශ විය හැකි සහ දෘශ්‍යමය වශයෙන් ආකර්ෂණීය බව සහතික කිරීම සාකච්ඡා කළ නොහැක. සියලුම උපාංගවල බාධාවකින් තොරව පරිශීලක අත්දැකීමක් නිර්මාණය කිරීමට ප්‍රතිචාරාත්මක නිර්මාණ ශිල්පීය ක්‍රම භාවිතා කරන්න.

4. Engaging Content (ආකර්ශනීය අන්තර්ගතය)

ඕනෑම සාර්ථක වෙබ් අඩවියක මූලික ගල වන්නේ ආකර්ෂණීය සහ අදාළ අන්තර්ගතයයි. තොරතුරු සහිත ලිපිවල සිට ආකර්ශනීය දර්ශන දක්වා, ඔබේ අන්තර්ගතය හොඳින් ලියා ඇති, වටිනා සහ ඔබේ ප්‍රේක්ෂකයින් සමඟ අනුනාද වන බවට සහතික වන්න. නියැලීම වැඩි දියුණු කිරීම සඳහා රූප, වීඩියෝ, සහ ඉන්ෆොග්‍රැෆික්ස් වැනි බහුමාධ්‍ය අංග ඇතුළත් කරන්න.

5. Intuitive Navigation

පරිශීලක අත්දැකීම් වැදගත් වේ. අමුත්තන්ට ඔවුන් සොයන දේ පහසුවෙන් සොයා ගැනීමට ඉඩ සලසන පරිශීලක-හිතකාමී සංචාලන ව්‍යුහයක් ක්‍රියාත්මක කරන්න. හිස් මෙනු, තාර්කික පිටු ධුරාවලිය, සහ බුද්ධිමය මාර්ග පරිශීලකයින්ට ඔබේ වෙබ් අඩවිය වෙහෙසකින් තොරව සැරිසැරීමට උදවු කරයි.

6. Call-to-Action (CTA)

උපායමාර්ගිකව ස්ථානගත කර ඇති CTA හරහා ඔබේ අමුත්තන්ට අපේක්ෂිත ක්‍රියාවන් වෙත යොමු කරන්න. එය පුවත් පත්‍රිකාවක් සඳහා ලියාපදිංචි වීම, මිලදී ගැනීමක් කිරීම හෝ ඔබව සම්බන්ධ කර ගැනීම වේවා, CTAs බලහත්කාරයෙන් ක්‍රියා කිරීමට, පරිවර්තන ධාවනය කිරීමට සහ නියැලීමට අමුත්තන් පොළඹවයි.

7. Search Engine Optimization (SEO) සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය (SEO)

දෘශ්‍යතාව වැඩි දියුණු කිරීමට සහ කාබනික ගමනාගමනය ආකර්ෂණය කර ගැනීමට සෙවුම් යන්ත්‍ර සඳහා ඔබේ වෙබ් අඩවිය ප්‍රශස්ත කරන්න. ඔබේ වෙබ් අඩවියේ SEO කාර්ය සාධනය වැඩි දියුණු කිරීම සඳහා අදාළ මූල පද, මෙටා ටැග් ඇතුළත් කරන්න, සහ පිටු පැටවීමේ වේගය ප්‍රශස්ත කරන්න.

8. Security Measures (ආරක්ෂක පියවර)

ශක්තිමත් ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මක කිරීමෙන් ඔබේ වෙබ් අඩවිය සහ ඔබේ අමුත්තන්ගේ දත්ත ආරක්ෂා කරන්න. SSL සහතික භාවිතා කරන්න, නිතිපතා මෘදුකාංග යාවත්කාලීන කරන්න, සහ සයිබර් තර්ජන වලින් ආරක්ෂා වීමට ශක්තිමත් මුරපද භාවිතා කරන්න.

9. Analytics and Tracking (විශ්ලේෂණ සහ ලුහුබැඳීම)

ඔබගේ වෙබ් අඩවියේ කාර්ය සාධනය නිරීක්ෂණය කිරීමට Google Analytics වැනි විශ්ලේෂණ මෙවලම් ඒකාබද්ධ කරන්න. ගමනාගමනය, පරිශීලක හැසිරීම් සහ පරිවර්තන වැනි ප්‍රමිතික විශ්ලේෂණය කිරීම ඔබේ වෙබ් අඩවියේ උපාය මාර්ග පිරිපහදු කිරීම සහ එහි කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම සඳහා වටිනා අවබෝධයක් සපයයි.

Conclusion (නිගමනය)

වෙබ් අඩවියක් නිර්මාණය කිරීම උපායමාර්ගික සැලසුම්කරණය, නිර්මාණාත්මක සැලසුම් සහ තාක්ෂණික ක්‍රියාත්මක කිරීමේ එකතුවක් ඇතුළත් වේ. මෙම අත්‍යවශ්‍ය සංරචක-පැහැදිලි අරමුණ, ප්‍රතිචාරාත්මක නිර්මාණය, සිත් ඇදගන්නා අන්තර්ගතය, බුද්ධිමය සංචාලනය, වෙනත් දේ ඇතුළත් කිරීමෙන්-ඔබ සාර්ථක සහ බලපෑමෙන් යුත් සබැඳි පැවැත්මක් සඳහා අඩිතාලම දමයි. මතක තබා ගන්න, හොඳින් සකසන ලද වෙබ් අඩවියක් අමුත්තන් ආකර්ෂණය කර ගැනීම පමණක් නොව, ඔවුන්ව සම්බන්ධ කර ගැනීමට සහ ක්‍රියාමාර්ග ගැනීමට පෙලඹීමක් ඇති කරයි.

The post Essential Components for Creating a Successful Website first appeared on Baiscopes.lk.

How to create Sinhala subtitles 19 Nov 2023, 11:22 am

How to create subtitles – a Step-by-Step Guide

බයිස්කෝප්ස් වෙබ් අඩවියේ තියෙන ප්‍රධාන දේ සිංහල උපසිරැසි සහිත චිත්‍රපටි දෙනවා කියලා කවුරුත් දන්නවනේ. නමුත් ටික දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි සහිත චිත්‍රපට කොහොමද හරියට නිර්මාණය කරන්නෙ කොහොමද කියන එක. ඉතින් මේ සටහනෙන් ඕගොල්ලන්ට පුලුවන් වෙයි ඒ පිළිබඳව දළ අදහසක් ලබා ගන්න.

ඉතින් දැන් කවුරුන් හෝ කැමැත්තෙන් ඉන්නවනම් සිංහල උපසිරැසිකරණයට එක්වෙන්න අපත් සමඟ, මෙන්න මේකයි ක්‍රමය.

 🔰 ඔබ තෝරාගත් ෆිල්ම් එකට සිංහල උපසිරැසි අප මේ වනවිටත් ලබාදී ඇද්ද යන වග දකුණු පස ඇති සර්ච් බොක්ස් එකෙන් සොයා බලන්න.

 🔰 ඔබ උපසිරැසි සකස් කරන්න බලාපොරොත්තුවන ෆිල්ම් එක මේ වනවිටත් වෙනත් කෙනෙක් බාරගෙනද යන වග අපෙන් විමසා දැනගන්න.

 🔰 ඒ වගේම ඔබ උපසිරැසි සකස් කරන්න බලාපොරොත්තුවන ෆිල්ම් එකෙහි ටොරන්ට් හෝ බාගත ලින්ක් එකත් උපසිරැසි ෆියිල් එක සමගම අප වෙත ටෙලිග්‍රැම් හෝ ඊ තැපැල් මගින් ලැබීමට සලස්වන්න..

ඔන්න ඔය කාරණා හරිනම් අපිට වැඩේ පටන් ගන්න පුළුවන්.

තව එකක් ඔයාල සිංහල උපසිරැසි සකස් කරන්න බලාපොරොත්තුවන ෆිල්ම් එකේ ඔරිජිනල් ඉංග්‍රීසි.srt ෆයිල් එක මෙන්න මේ සයිට් වලට ගිහින් search කරල හොයා ගන්න පුළුවන්.

 🔰 Yts Subtitles

 🔰 Srt Files

 🔰 Wtf Detective

 🔰 Download YTS YIFY movies

 🔰 Download YTS YIFY movies

දැන් මුලින්ම කරන්න තියෙන්නේ අර අපි හොයා ගත්ත ඉංග්‍රිසි සබ් ෆයිල් එක නෝට්පෑඩ් මත ඕපන් කරගන්නවා. එතකොට මෙන්න මේ වගේ ලයින් තියේවී…
නෝට්පෑඩ්++ හරි Subtitle Edit වලින් හරි ඔයාලට මේ වැඩේ ගොඩාක්ම ලේසි වේවි..

1
00:00:39,780 –> 00:00:42,120
When I was lying there in the VA hospital.

2
00:00:42,160 –> 00:00:45,120
with a big hole blown through the middle of my life.

3
00:01:34,300 –> 00:01:38,550
These cloned tiger cubs at the Beijing Zoo are the latest of a number of species.

4
00:05:10,050 –> 00:05:13,890
Me, I was just another dumb grunt getting sent someplace he was gonna regret.

දැන් කරන්න තියෙන්නේ ඒ ඕපන් කරගත්ත ෆයිල් එක save as කරගන්න එක. එතනදී save as type කියන එකට යටින් තියන Encoding කියන එකට UTF 8 යන්න දෙන්න…ෆිල්ම් එකේ සඳහන් නමම දීලා save as කරගන්න…

දැන් තියෙන්නේ අර එක් එක් ලයින් වල තියන ඩයලොග්ස්  සිංහලට පරිවර්ථනය කරලා එතනින්ම දාන එකයි….මතක තියා ගන්න අර වෙලාව සඳහන් ඉලක්කම් වෙනස් කරන්න එපා…

සිංහල ටයිප් කරන්න පාවිච්චි කරන ක්‍රම අනුව මේක වෙනස් වෙනවා… ඒකිව්වේ,

ඔයා සිංහල ටයිප් කරන්නේ විජේසේකර යතුරු පුවරුව භාවිතයෙන් නම් මෙතන ලේසියෙන්ම ටයිප් කරන පුලුවන්නේ. එහෙම නැතිව ඔයා පාවිච්චි කරන්නේ සිංග්ලිස් කන්වර්ටරයක් නම් අදාල ඉංග්‍රිසි දෙබසේ සිංහල පරිවර්තනය එතන ටයිප් කරලා නෝට්පෑඩ් එකේ අදාල දෙබස තියන තැනට පේස්ට් කරන්න ඕනා. ඊටත් අමතරව සිංහල ටයිප් කිරීමට මෙවැනි මෘදුකාංග බාවිතා කල හැකියි. Realtime Singlish, Google Input Tools, පැන්සල.

ඔබ කැමති නම් Subtitle Edit කියන මෘදුකාංගයද බාවිතා කල හැකියි උපසිරැසි නිර්මාණය සඳහා.

Notepad එකෙන් උපසිරැසි නිර්මාණය කරන විදිහ.

 🔰 මුලින්ම ඔයාලා SRT Subtitle එක Download කරගන්න.ඊට පස්සේ ඔයාල ගත්ත ඉංග්‍රීසි උපසිරැසිය Notepad එකක් ආකාරයට Open කරගන්න.

 🔰 දැන් ඔයාලාට තියෙන්නේ ඔයා ඉංග්‍රීසි වාක්‍ය ටික සිංහලට හරවන එක.හැබැයි ඔය තියෙන අංක හෙවත් දාවන කාලයන් වෙනස් කරන්න එපා.එතකොට මුළු වැඩේම අවුල්..

 🔰 දැන් ඉතින් Save කරගන්න තියෙන්නේ.මේකෙදි පොඩ්ඩක් ප්‍රවේසම් වෙන්න ඕනේ.ඔයාලා සිංහලට පරිවර්තනය කරගත් Notepad එක Save කරද්දී Encoding එක UTF-8 විදිහට දීලා Save කරන්න .

 🔰 ඔබ Mobile Phone (Android) එකෙන් උපසිරසි නිර්මාණය කරනවා නම් Subbr Free යන Android APP එක බාවිතා කරද උපසිරැසි නිර්මාණය කල හැක.Subbr Free Android APP එක Play Store හරහා ඔබට ලබා ගත හැක.එහෙත් මම පරිගණකයෙන් උපසිරසි නිර්මාණය කරීම වඩාත් සුදුසු බව නිර්දේශ කරනවා.පරිගනකයක් නැත්නම් Mobile එකෙන් උපසිරැසි නිර්මාණය කලාට ප්‍රශ්නයක් නැහැ.

සම්පූර්ණ ෆිල්ම් එකේම දෙබස් (ලයින්ස්) සිංහලට පරිවර්ථනය කලාට පස්සේ ඒ නෝට්පෑඩ් ෆයිල් එක සහ එම ෆිල්ම් එකෙහි ටොරන්ට් හෝ බාගත ලින්ක් එකත් අපිට එවන්න…

ඒ එක්කම අදාල ෆිල්ම් එකට, බයිස්කෝප් අඩවියේ දැනට යනවිදියේ ලිපියකුත් ලියලා එවන්න. මොකද සබ් දාලා ඉවර උනා කියන්නේ ඔයාට ෆිල්ම් එක ගැන සම්පූර්ණ වැටහීමක් තියනවනේ…

සබ් එක අපිට ලැබුනට පස්සේ ඒක චිත්‍රපටයට අදාල ටොරන්ට් හෝ බාගත ලින්ක් එකත් අපි බාගත කරලා චිත්‍රපටය ඔබගේ උපසිරැසියද එකතු කොට අනික් ලැබිලා තියන සබ් වල අනුපිලිවලට ඔබ එවන සිංහල උපසිරැසිය සහිත චිත්‍රපටයත් බයිස්කෝප්ස් අඩවියේ පළකරන්න අපි සූදානම්.

මේ තමයි සිංහල උපසිරැසි දාන සරලම ක්‍රමය. තවත් මොනවා හරි ගැටලුවක් තියනවනම් අපිට දැනුම් දෙන්න… උදව් කරන්න අපි ලෑස්තියි…

🔰 විද්‍යුත් තැපෑල : admin@baiscopes.lk
🔰 ටෙලිග්‍රැම් චැනලය : Baiscopes telegram

The post How to create Sinhala subtitles first appeared on Baiscopes.lk.

Page processed in 3.178 seconds.

Powered by SimplePie 1.3.1, Build 20121030175403. Run the SimplePie Compatibility Test. SimplePie is © 2004–2024, Ryan Parman and Geoffrey Sneddon, and licensed under the BSD License.